නිල්ම නිල් අහස් කුස
ඉඩ බොහොම එහි තිබෙන
පියඹමුද අපි සගේ
සිනා සී තුටු සිතින
අවැසි විට පියඹන්න
කෝ කොහිද අත්තටුව
නොමැති කළ එය අපට
දැනුනි නුඹ මෙන්ම මට
සියොතුන් නොවේ අප
ඒ අහස සැරිසරන
කුරුලු රැල විටින් විට
ඔච්චම් කරයි අපිට
දැන දැනම
අහිමි බව
අත්තටුත් අපි නමට
ඉදින් අපි බලා ඉමු
අනන්තය දෙස අහස
දේදුන්න පායාවී
හිරු එක්ක හෙට දවස
අපටත් දවසක
පායාවී ඒ ඉරම..

No comments:
Post a Comment