Tuesday, November 4, 2014

දයාබර චේ...


චේ මම නුඹට ආදරෙයි ආත්මයෙන්ම
ඒත්...
නුඹට තරමටම නෙවේ නුඹටත් වඩා
පෙම් කළ හැකිය මට ඔහුට
සුරුට්ටුවේ තරම් බර නොව
සුරුට්ටුවේ දුම් රැල්
ඒ දුම් රැල තරමටම
සැහැල්ලුයි ඔහුගෙ ආදරය
මමත් සොයනවා අලුත් ජීවිතයක්
ලේ පිළීගද බිම් කඩක ඉද

නිමක් නොවෙනා මහා ප්‍රේම උල්පතක
හදවතේ ගැඹුරුම තැනක
සැරිසරයි ඔහු
විටෙක මමත් නොසිතූ ලෙසට

ආදරය මහා වන තරමට
මිනිසුන් කුඩා වන බවද
හදවත් විශාල වන බවද
මම නුඹෙන් පමණක් නොව
ඔහුගෙන් ද කියෙව්වා
හිල්ඩා කෙනෙක්ට මග හැරුනු
අලෙයිඩා කෙනෙක්ට හිමි වෙලා තිබුණු
ආදරෙන් අංශු මාත්‍රයක්
ඔහු මා වෙනුවෙන් රැකගෙන තිබුණ
විප්ලවේ අතරෙදි වුනත්

නිමක් නැති පෙමක් ළග
නිමක් නැති දුරක් තියෙද්දි
ඔහු පැතු සිහින මැද
මියැදෙන්න වුනත් පුළුවනි මට

දයාබර චේ 
නුඹත් ඔහුත් එකම තැනක හිද
කියා දුන් පාඩම
ආදරය විප්ලවයක් පමණක් නොව
විප්ලවය ද ආදරයක් බවයි...


No comments:

Post a Comment