Friday, November 28, 2014

දැන උගත් වූ පවට අද දින


පෙරලූ නැවුම් පස බිද
දෙපෙති වී මෝදුවුන පැල
වරා මල් දෙමට මල් පිස
ගත නිවූ සීත මද නල

බණ්ඩි ගොයමේ සුවද විද විද
ගදපාන අකුල ඉව කල
නොකිළිටි වූ ගම්දොර අස
ගිලිහුණිද ළමා කල තොස

ඇළ දොළේ බොර පීලි මඩ ගද
දණ්ඩි කොරල ද ගප්පි සුරතල
ඉළුක් මල් රිදී පැහැ සළු තුල
සද කිරණ ලා අව්ව රජ කල

සමනළුන් සමු නොගෙන ගිය කල
කදු පියස නිහඩ ඉකි ඉවසන
ඉතින් මට නික්මෙන්න අවසර
දැන උගත් වූ පවට අද දින

සුන්දර ගම් පියස *කෙහෙල්ඕවිටිගම* වෙනුවෙනි

No comments:

Post a Comment