Friday, November 7, 2014

පේ‍්‍රමය වචනයට නැංවීම එතරම්ම තීරණාත්මක වන්නේ ඇයි?


පෙනී යන විදියට සත්‍යය වචනයට නැගිය යුතුව තියෙනවා., එසේම ඔබ පැවසුවා ‘‘ප‍්‍රකාශයට පත් කරන ලද්දා වූ’’ පේ‍්‍රමය ගැන.  ඔබට අනුව පේ‍්‍රමය ප‍්‍රකාශයට පත් කරනු ලැබූ විට එය පේ‍්‍රමයේ තවත් අවධියක්. පේ‍්‍රමය වචනයට නැංවීම එතරම්ම තීරණාත්මක වන්නේ ඇයි?

මක් නිසාද යත්, සිදුවීමේ ව්‍යුහය තුළම ප‍්‍රකාශනය ගැබ්ව පවතිනවා.  පළමුව, ඔබට තිබෙනවා අභිමුඛ වීමක්.  මම පෙන්වා දුන්නා අභිමුඛ වීමේ පවත්තා පූර්ණ වශයෙන් අනිශ්චය සසම්භාවී ගත් ස්වභාවය සමග පේ‍්‍රමය පටන් ගන්නේ කෙසේ ද කියා.  මේවා ඇත්තෙන්ම පේ‍්‍රමය හා අහම්බයේ ක‍්‍රීඩාවන්. ඒ වගේම ඒවා වැලැක්විය නො හැකියි.  මා සඳහන් කළ ප‍්‍රචාරාත්මක රැවටිල්ල තිබෙන විට දී පවා ඒවා හැම විටම පවතිනවා.

නමුත් දෙන ලද මොහොතක අහම්බය සීමා කළ යුතුව තියෙනවා. එය කල් පවත්නා ක‍්‍රියාවලියක් බවට හැරවිය යුතුයි.  මෙය ඉතා අසීරු, ආසන්න වශයෙන් පාරභෞතික ගැටලුවක්.  පටන් ගැන්වේ දී හුදු අහම්බයක් වූවක් සත්‍යය ගොඩනැංවීමක් සඳහා උපස්ථම්භකය වන්නේ කෙසේද? මූලික වශයෙන් අනපේක්ෂිත වූ සහ සාංදෘශ්ඨිකයේ අනපේක්ෂිත විචලනයන් හා බැඳී ඇතැයි පෙනෙන යමක් ඔවුන්ගේ බැල්මෙහි වෙනසේ මැදිහත් වීම ඔස්සේ ලෝකය අනවරත ලෙස (යළි) ඉපදීමේ විස්තෘත අත්දැකීමෙහි නිරත වන්නා වූ හමු වූ, යුගළනය වූ ජීවිත දෙකක සමස්ත අර්ථය බවට පත් වන්නේ කෙසේද? එක ලෝකයක් තුළ අප දෙදෙනෙකු ලෙස පවතින බව නිරාවරණය වන විරුද්ධාභාසය දක්වා හුදු අභිමුඛ වීමකින් අප ගමන් කරන්නේ කෙසේද? එය සම්පූර්ණයෙන්ම අභිරහසක්. මෙය තමයි ඇත්තටම පේ‍්‍රමය පිළිබඳ සංශයවාදය පෝෂණය කරනු ලබන්නේ. කවුරුන් හෝ කෙනෙක් සිය රැකියාව කරන අතරතුර ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය සගයෙකු මුණගැසීම යන බොහෝ දුරට නිසරු කාරණයේ ඇති මහා සත්‍යය කුමක් දැයි මිනිස්සු අහවි, නියත ලෙස ම ඒක තමයි අප විසින් අවධාරණය කළ යුත්තේ. එනම් බැලු බැල්මට නොවැදගත් ක‍්‍රියාවක් වන නමුත් ක්ෂුද්‍ර තලයේ ජීවිතයේ රැඩිකල් සිදුවීමක් වන එය අනවරත පැවතීම තුළ විශ්වීය අර්ථයක් දරා සිටීමයි.

කෙසේ වුවත්, ‘‘අහඹුව පාලනය කළ යුතු ය’’ යන්න නිවැරදියි.  ‘‘අන්තිමේදී අහම්බය පාලනය කරනු ලබනවා’’ යනුවෙන් මැලාර්මේ පවසන්නේ ද මෙයයි. ඔහු එහෙම කියන්නේ පේ‍්‍රමය ගැන නොවේ, කවිය ගැන. නමුත්, ඔහුගේ වචන ඒවායේ ඇති දරුණු අසීරුතාවයන් සහ විවිධාකාර වූ සන්තාපයන් ද සමගින් පේ‍්‍රමයට සහ පේ‍්‍රමයේ ප‍්‍රකාශනය සඳහා ඉතා වැඩදායී ලෙස යොදා ගත හැකියි.  අනෙක් අතට, කවි සහ පේ‍්‍රමය ප‍්‍රකාශයට පත් කිරීම් අතර නෑකම් සුප‍්‍රකටයි.

භාෂාව යන්න මතම රඳා පවත්නා දැවැන්ත අවදානම් මේ දෙකෙදී අදාළ වනවා.   එය ඇත්තෙන්ම, සාංදෘෂ්ටිය තුළ අනන්ත වූ බලපෑම් ඇති කළ හැකි වචනයක් පිට කිරීම පිළිබඳ වූවක්.  කවියක් මෙහෙය වන ආශාව වන්නේ ද එයයි.  මෙය ඉතාම සරල වචන සම්පූර්ණයෙන්ම පාහේ දරා ගත නොහැකි තීව‍්‍රතාවයකින් ආරෝපණය වීමක්.  පේ‍්‍රමයක් ප‍්‍රකාශයට පත් කිරීම යනු සිදුවීම අභිමුඛ වීමේ සිට සත්‍යය ගොඩනැංවීමක් සඳහා වන ව්‍යායාමයක් දක්වා පියවර තැබීමක්. අභිමුඛ වීමේ අහඹු ස්වභාවය ආරම්භයක් පිලිබඳ උපකල්පනයක් දක්වා රූපාන්තරණය වනවා. මෙතැනදී ඇරඹෙන දෙය කොපමණ කල් පවතින්නේ ද යත් සහ නව්‍යත්වයෙන් හා ලෝකය පිළිබඳ අත්දැකීමේන් කොපමණ ආරෝපණය වී තිබෙන්නේ ද යත් ආපසු හැරී බලන විට මෙය බොහෝ දුරට අනිවාර්යතාවයක් ලෙස මිස මුලින් පෙනුණු ලෙස අහඹු හා අනිශ්චය ලෙස නොපෙනෙයි.  මේ ආකාරයට තමයි අහඹුව පාලනය කරනු ලබන්නේ.

මා නොදන්නා කෙනෙකු සමග සිදුවන අභිමුඛ වීමේ පරම අනිශ්චයතාව අවසානයේ දෛවයේ ස්වරූපය අත්කර ගන්නවා. පේ‍්‍රමයේ ප‍්‍රකාශයට පත් කිරීම අහඹුවේ සිට දෛවය කරා යන සංක‍්‍රාන්තිය සලකුණු කරනවා.

එනිසයි එය බොහෝ අන්තරායකර හා කිසියම් ආකාරයක තැතිගන්වන සුලු සබකෝලයක් සහිත හිරිහැරයක් බවය පත් වන්නේ.  තවද, පේ‍්‍රමයේ ප‍්‍රකාශයට පත් කිරීම අවශ්‍යයෙන් ම එක්වරක් පමණක් සිදුවන දෙයක් නොවේ.  එය ප‍්‍රමාද කළ හැකි, පැතිර විය හැකි, ව්‍යාකූල වූ පැටළුණු, පවසනු ලැබිය හැකි සහ යළි යළිත් පවසනු ලැබීමට නියමිත වූවක විය හැකියි. සිදුවූයේ කුමක් ද යන්න එනම් අභිමුඛ වීම සහ අභිමුඛ වීම තුල අන්තර්ගත සිද්ධීන් පිළිබඳව, ම විසින් අනෙක් තැනැත්තාට කිව යුතුයි යනුවෙන් ඔබ ඔබටම කියා ගන්නා මොහොත තමයි අහඹුව පාලනය කරන නිමේෂය වන්නේ. 

අඩුම ගණනේ මම දකින විදියට මට බැඳීමක් ඇති කරන යම් දෙයක් සිදු වූ බව මම අනෙකාට කියනවා. ඉතාම කෙටියෙන් කියනවා නම්, මම ඔබට ආදරෙයි. ‘‘මම ඔබට ආදරෙයි’’ යන්න හොඳින්ම විය හැකි පරිදි සරලව තවත් කෙනෙකු හා නිඳා ගැනීමට කරන උප්පරවැට්ටියක් නොවේ නම්.

එය උප්පරවැට්ටියක් නොවේ නම් කුමක්ද එය? එහිදී කියවෙනු ලබන්නේ කුමක්ද? ‘‘මම ඔබට ආදරෙයි’’ යනුවෙන් පැවසීම කිසිසේත් ම පහසු නැහැ. මේ පුංචි වැකිය සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ අරුත් සුන් හා හිස් එකක් ලෙසයි.  තව ද ‘‘මම ඔබට ආදරෙයි’’ යනුවෙන් පැවසීමට එතරම් සුලබ නොවන වඩාත් කාව්‍යමය වචන යොදා ගන්න සමහර විට මිනිසුන් කැමතියි.  නමුත් ඔවුන් හැම විටම මේ කියන්නේ හුදු අහඹුවකින් වූ දෙයකින් තමන් වෙනත් දෙයක් උකහා ගන්නා බවයි.  එනම්, මම නොනැසී පවත්නා යමක්, අනවරත කරගෙන යන දෙයක්, කැපවීමක්, පක්ෂපාතීත්වයක් උකහා ගැනීමට යන බවයි. මෙහි දී මම ‘‘පක්ෂපාතීත්වය’’ යන වචනය යොදා ගැනු ලබන්නේ එහි සාමාන්‍ය අරුත් ගැන්වීම් වලින් නිදහස් කොට මගේම දාර්ශනික වාක්කෝෂයට අදාළව. එයින් හරියටම කියවෙන්නේ අහඹු අභිමුඛ වීමක සිට මර්දනය කළ නො හැකි ගොඩනැංවීමක් දක්වා වන සංක‍්‍රාන්තික අනිවාර්යයක් තිබුණාක් මෙන් වන බවයි.

මේ සන්දර්භය තුළ මම කැමතියි අන්ද්‍රේ ගොර්ස්ගේ ඉතා මනරම් කෘතියක් වන ‘‘ලෙටර් ටු ඞී’’ වෙතින් යමක් උපුටන්න. එය දාර්ශනිකයෙකු විසින් ඔහුගේ බිරිඳ වන ඩොරීන් වෙත සිදු කළ පේ‍්‍රමය පිළිබඳ ආඛ්‍යානයක්.  එය ආරම්භ වන්නේ මෙහෙමයි. 


‘‘ඉක්මනින් ඔබට අසූ දෙක පිරේවි. ඔබ සෙන්ටිමීටර් හයක් කොට වෙලා. ඔබේ බර කිලෝ හතළිස් පහක් පමණක් වුණත් ඔබ එදා වගේම ලස්සනයි, මන බන්ධනීයයි, ආශා දනවන සුලුයි. මේ වන විට අපි වසර පනස් අටකට වඩා එකට ජීවත් වෙලා තියෙනවා. මම කවරදාකටත් වඩා ඔබට ආදරෙයි. 
මගේ පපු කුහරය ඇතුළෙන් මට නැවතත් දැනෙන විනාශකාරී හිස් බව පුරවාලිය හැක්කේ මගේ සිරුර මත තෙරපෙන ඔබේ සිරුරේ උණුහුමින් පමණයි.’’



පිටු අංක 48 - 52
පේ‍්‍රමය පසසනු වස්
ඇලෙන් බදියු සමග නිකොලොස් ට්‍රෝන්ග්

ප‍්‍රංශයේ ඇවින්ඥොන් කලා උලෙලේ දී නිකොලොස් ට්‍රෝන්ග් නගන පේ‍්‍රමය පිළිබඳ ප‍්‍රශ්නාවලියකට ඇලේන් බදියු ගොනු කරන පිළිතුරු සමුදායක් රැගත් මෙම කෘතිය සිංහලට පරිවර්තනය කරනු ලබන්නේ,

කෞශල්‍ය කුමාරසිංහ හා විදුර ප‍්‍රභාත් මුණසිංහ විසිනි. 

මෙය සිංහල භාෂාවෙන් පරිශීලනය කිරීම සඳහා ඉඩ ප‍්‍රස්ථාව සකස් කර දුන් ඔවුන්ට ස්තූතිය පුද කර සිටිමි.




No comments:

Post a Comment