Tuesday, November 4, 2014

......කඳවුරේ තාත්තාට.......




ඇග මසත් ගල් කරන
කුරිරුතම සීතලට
ලේ කැටිති ඝන වෙලා
රිදුම් දෙන දෙපා යුග
හිතයි මට දුව ඇවිත්
සිප ගන්න තාත්තේ..

ලේ පිරුණු බිම් කඩක
කොහිද මට තනි කමක්
විසි වෙලා තැනින් තැන
''සිත්’’ මිනී ඔළු ලෙසට
කඳුළු බිඳු එකතු කොට
සැගවුවෙමි පපුතුරේ 
තාත්තේ...

ඇසුණු විට කසුකුසුව
මුවින් මුව විටින් විට
මව් හුස්ම පැහැර ගත්
දියණියලූ පව්කාර..
කඳුළු කැට සිර කරන්
ඔබ තෙපලූ මුදු වදන්
දැනෙනවා නෙත් අ`ගට 
තාත්තේ...

‘‘සුදු පාට බිත්තියේ
ගසා ඇති රූපයේ
බොඳ වෙච්ච පිටපතින්
මැවුණු මගෙ දෝණියේ..
වේදනාවක් නමුදු
ආත්මය අවදි කර
පණට යළි පණ දුන්න
ස්නේහයේ රැජිණියයි 
ඇය මගේ...’’

සවිය දුන් ඇය නමට 
පුදමි රතු මල් කිනිති..

කඳවුරේ ඔබෙ නමට
මල මිනී පිරි බිමක
ගල් කරන් සිත දැඩින
පිය න`ගමි නොනැවතී...

රැගෙන යළි ඔබ අතින්
අත් හැරුණු රතු ධජය 
තාත්තේ....

ඇය සිටින ඉසව්වට
ගියොත් ඔබ ඒ අතර
කිව මැනව ඇය නමට
ඇති මහද ආදරය..

හාදුවක් එවමි මම
සෙනෙහසින් ඔබෙ නමට
හදවතේ ගුලි කරන්
පිස දමනු මැන හෙමින්
වෙඩි වැදුණු පපුතුරෙන්
ගලන ඔය ලේ දහර 
තාත්තේ....

....දියණිය ‘‘සමලි’’.....

No comments:

Post a Comment