Tuesday, November 4, 2014

_නිදි කුමරි_


හාදුවක් නැති සොවින
දිගුම දිග නින්දකිනි
අගුටුමිට්ටනි කොහිද
තනි වෙලා නිදි කුමරි

පැල්පතක් වත් නැතිව
රුදුරු මහ වනය මැද
තදම තද නින්දකිනි
කෝ කොහිද ඒ කුමරු

රජ කුමරු පැමිණි මුත්
හාද්දක් දුන් නමුත්
අවදි වෙන්නේ නැතුව
ඉන්නෙ ඇයි නිදි කුමරි

අවදි විය යුතුව ඇත
හාද්දක් පතයි ඇය
ගොපළු කොළුගෙන්ය එය
රජ හාදු කුමකටද,

නිදි ගත්ත මේ ලොවම
අවදි කළ යුතු වුවද
අවැසි වේ පෙම පිරුණ
දා බිංදු හාදුවම..

No comments:

Post a Comment