සොඳුර....
ඇයට මෙන් ඔබට රිදී සළු නැති වුනාට..
දැළි දුවිලි සළුවක් ගත දැවටුනාට
නුඹත් යසෝධරාවකි මට...
සමාවෙයන්
අභිනිෂ්ක‍්‍රමනයටයි මේ මොහොත
යසෝධරාවක් වගේ වුන්නත් ඔබ
පපුව හරි එඩිතරයි අම්බපාලිගෙ වගේ
කියන එක දන්නව මම...
නුඹත් එයි අපි ගිය පාරෙම
අද නැතත් හෙට උදයෙම
සිහිනෙන් හිනැහෙන
පුංචි දු සමලි ට..
කියාදියන්
තාත්තා ගිය වග
රැක ගන්න පුංචි දුවගෙ කිරි සිනාවම..
තව මොහොතක්වත්
පමා විය නොහැක මට
යා යුතුයි මේ ගමන
තනන්නට නව ලොවක්
ඔබ අප වෙනුවෙන්ම..
දැනන් සිටියානෙ ඔබ
පෙම් කළේ මම නුඹට
ලෝකයට වඩා ඩිංගක් අඩුවෙන් බව..
සිද්ධාර්ථත් ගියා දවසක
අලූත් ලෝකයක් හොයන්න
පුංචි දුට කියා දෙන්න
තාත්තා සිද්ධාර්ථ කෙනෙක් නොවුනු වග..
ඉදින් අවසරයි යන්න
ජීවිතය සොයන් සටනට..
.jpg)
No comments:
Post a Comment