Tuesday, November 4, 2014

එකම තැනකම නොවෙද ඉන්නේ ඔබ මා දෙදෙනාම

හුරු පුරුදු නුඹේ සුවද
හමන විට මා වට
සෙවුවෙමි දසත ඔබ
කෝ කොහිද පෙම්වත..
එකම අහස් වියනක් යට
ගව් ගණන් දුර 
උන්නත් අප දෙදෙන

දැනෙන්නේද සුවද
හිස ඔසවා බලනු මැන
දැනෙන්නේද ඔබට
ඒ අරලියා සුවද
පෙනේවි ඔබට
අප දෙදෙනම
එකම අහසක් යට

ඉතින් ඇති නේද
ගල් කරගෙන උන්න සිත
ලොවම ගල්ව ඇති මොහොතක
එකම තැනකම 
නොවෙද
ඉන්නේ ඔබ මා දෙදෙනාම

No comments:

Post a Comment