Tuesday, December 16, 2014
හොඳම පෙම්වතා...!
අනෝරා වැස්සකට
ඇති පදම් දියබත්ව
මං මුලාවූ දිනෙක
මාදෙසවත් නොබලා
මා හිස මත
ඔහු සතු වස්තුව
තබමින්
වැහි දියට අභියෝග කළ
ඔහු....!
Monday, December 1, 2014
මේ රහස් කවුළුවෙන් එබෙන්න

පොත් කියවීමට මා තුළ ඇත්තේ අපරිමිත ආශාවක් නමුත් සමහර භාෂා ශෛලයන් හා සබැඳි න්‍යායාත්මක කරුණු නොදැනීම එයට බාධාවක් යැයි ඇතැම් විට සිතුවෙමි. කෙසේ වුවත් එම බාධාවන් නොතකමින් කලකට පසු රස විඳි ‘‘රහයි’’ යැයි කිව හැකි කෘතියකි කෞශල්‍ය කුමාරසිංහගේ ‘‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’’ කෘතිය. ඔහු එම රහස් කවුළුවෙන් එබීමට අපව රැගෙන යන අන්දම සැබවින්ම සිනමා පටයක් නරඹන ආකාරයක් සිතට දනවයි.
මෙහි එන චරිත සියල්ලකගෙන්ම පාහේ සමාජයේ එකිනෙකට වෙනස් ස්ථරයන් බොහොමයක යථාර්ථය ඉස්මතු කර පෙන්වීමට ඔහු සමත් වී ඇති අන්දම ප්‍රශංසාත්මකය. මා හිත බෙහෙවින් ඇද බැද තබා ගත්තේ එයයි කීවොත් නිවැරදිය. පොත කියවීමට ආරම්භ කළ මොහොතේ තිවංකගේ හා කේෂුගේ වටා ගෙතී තිබුණු සිනමා චිත්රණය මා මනස යම් තරමක් කෘතියෙන් බැහැර ගෙන යාමට තැත් කළේ අවිඥාණිකව මා හට එය නුහුරු නුපුරුදු සේ දැනුනි බැවිනි. ධනවත්, සැප පහසුකම් පිරි දිවියක නුහුරු නුපුරුදු බව හමුවේ කතා වස්තුව මා තුළ ජීවත් වන සෙයක් නොදැනුනෙන් එසේ වන්නට ඇත. එය මාගේ දුර්වලතාවයක් මිස කෞෂල්‍ය කුමාරසිංහගේ රචනා ශෛලියේ හෝ රහස් කවුළුවෙන් එබී ඇති අන්දමේ හෝ අංශු මාත්‍රික වරදකින් සිදු නොවුනක් බව කිව යුතු මනාය.නමුත් මාගේ අවිඥානයේ සැගවී තිබූ ඒ දුර්වල කියවීමත් ඔහු ඉතාමත් තුලනාත්මක ලෙස පද්මි, ටානියා, කමල් වැනි චරිත ඔස්සේ ශුන්‍යත්වයට පත් කළ අයුරු අපූරුය.
අතුරුදහන් වෙන විශ්ව විද්‍යාල ක්‍රියාකාරී තරුණයෙක්, ඔහුට පෙම් කරන යකඩ ශක්තියක් පෙන්නුම් කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්, මැදපෙරදිග රැකියාවකට ගොස් ඝාතනය වුනු කාන්තාවක්, විප්ලව සමයේ අතුරුදහන් වුන තරුණයෙක්, රාත්‍රි සමාජ ශාලාවක සේවය කරන ගමෙන් නගරයට ආ තරුණියක්, සිහින තරුවක් වීමට සිහින මවන කර්මාන්තශාලාවක සේවය කරන තරුණියක්, මේ කිසිම දෙයක බරපතලක් නොමැතිව සමනළුන් සමගම දිවි ගෙවූ මන්දබුද්ධික යැයි හදුන්වන දැරිවියක්, මේ අතරේ පශ්චාත් නූතනවාදී සිතුම්පැතුම් දරන චරිත හතරක්. සුදු වෑන් සංස්කෘතිය, විශ්ව විද්‍යාල සංස්කෘතිය, ධනවාදී සංස්කෘතිය, ලිංගිකශ්රමික සංස්කෘතිය, දරිද්‍රතාවයේ සංස්කෘතිය, සිහින තරු සංස්කෘතිය, යුද්ධය.. මේ සියල්ල එක් පොතක් තුළ ගැබ්ව ඇති අන්දම මා සිතට ගෙන ආ විස්මයජනක පහන් ආනන්දයෙන් යුතුවම මම ඔබට හිස නමා ආචාර කරන්නෙමි.
මා මේ පොත කියවීමෙන් අනතුරුව උත්සාහ කළේ කෞෂල්‍ය කුමාරසිංහ විසින් මේ සිනමා චිත්‍රණයක් සහිත කතා වස්තුව තුළින් ආවරණය නොකර ඇත්තේ සමාජයේ කුමන ක්ෂේත්රයක් පිළිබදව ද යන්න සිතීමටයි. ඒ තරමටම ඔහු සමාජයේ අනේකවිධ දුක් වේදනා දරන්නන්ගේ ජීවිත වලට එබී බැලීම එක් කෘතියක් තුළින් පමණක් මේ ආකාරයට සිදු කර තිබීම සම්මානනීය. ප්රංශසනීයය. ඒ අතරම ඊට හාත්පසින්ම වෙනස් ජීවිත හතරක් තුළ ප්‍රධාන කතාව දිව යන ආකාරයෙන් යම් අවස්ථා වල අපට සන්සන්දනාත්මක චින්තනයකට ඉඩ ප්රස්ථා සලසා දී ඇති බවක් හැගී යයි.
නිදිබරිතව නවීන පන්නයේ ඇපල් මොබයිල් ෆෝනයක ස්පර්ශකයට ඇගිලි තුඩු තබමින් ලාලිත්‍යයට කෙටි පණිවිඩයක් ටයිප් කර තම සැමියාට යවන කේෂුත්, එම රාත්‍රියේම නිදිවර්ජිතව සිය කුඩා නොකියා කළුසුදු වර්ගයේ ෆෝනයේ එළියෙන් කමල් දුන් කවියක් කියවන පද්මිත් අතර වෙනස ඔහු අපගේ හදවතේ සියුම් නහරයන් වලට ගලා යාමට සලස්වා ඇත.
තවත් අවස්ථාවක කමල් වෙනුවෙන් සිදුකළ උද්ඝෝෂණය මර්දනය කිරීමට පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කල අවස්ථාවේ පොලිසියේ මාර්ග බාධක වැට අල්ලාගෙන කදුළු ගෑස් ප්‍රහාරයට මුහුණ දෙන කොණ්ඩ කරලක් සහිත යුවතියක් ගැන කුමාරසිංහ සදහන් කරයි. ඈ පද්මී වග අපි දනිමු. ඒ කදුළු ගෑස් ප්‍රහාරයම යන්තමින් වැදුණු උවනි සිහි නැතිව ඇද වැටේ. තිවංකගේ දෑතින් ඇයව නිවස වෙතටම ගෙන යනු ලබයි. එකම අවස්ථාවක වැඩි ධාරිතාවයක් දරා ගැනීමට පද්මිට ලැබුණු හැකියාවත්, එහිම අඩු ධාරිතාවක් දරා ගැනීමට නොහැකි වූ උවනිගේ තත්ත්වයත් මනස තුළ ගැටෙමින් කතාව ඉදිරියට ඇදී යයි. ඉදින් මෙවැනි අවස්ථා වල දැනෙන සන්සන්දනාත්මක ආවේගය මාගේ සියුම් නහරවැල් පවා ප්‍රකම්පනය කිරීමට හේතු වූ බව පැවසිය යුතුය.
කෘතිය පුරාවටම දිවෙන මෙවැනි සිද්ධීන් බොහොමයකි. ඒවා එකින් එක ගෙනහැර පාන්නේ නම් මා හට මේ ලිවීම නතර කිරීමට බොහෝ වේලාවක් ගත වනු ඇත. මා යනු මම ය. ඉදින් මෙය කියවා රස විදිය යුත්තේ දැන් ඔබය. ඔබමය. මා විදි රසය ඒ ආකාරයෙන්ම ඔබ හමුවේ තැබීම කවරදාකවත් සිදු කළ නොහැක්කකි. එයට ගන්නා ප්රයත්නය පවා මා කෞශල්‍ය කුමාරසිංහට කරන අගරු කිරීමක් වනු ඇත. ඒ තරමටම ඒ රහස් කවුළුවෙන් එබීම මා වින්දනය කළෙමි.
අතුරුදහන් වෙන විශ්ව විද්‍යාල ක්‍රියාකාරී තරුණයෙක්, ඔහුට පෙම් කරන යකඩ ශක්තියක් පෙන්නුම් කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්, මැදපෙරදිග රැකියාවකට ගොස් ඝාතනය වුනු කාන්තාවක්, විප්ලව සමයේ අතුරුදහන් වුන තරුණයෙක්, රාත්‍රි සමාජ ශාලාවක සේවය කරන ගමෙන් නගරයට ආ තරුණියක්, සිහින තරුවක් වීමට සිහින මවන කර්මාන්තශාලාවක සේවය කරන තරුණියක්, මේ කිසිම දෙයක බරපතලක් නොමැතිව සමනළුන් සමගම දිවි ගෙවූ මන්දබුද්ධික යැයි හදුන්වන දැරිවියක්, මේ අතරේ පශ්චාත් නූතනවාදී සිතුම්පැතුම් දරන චරිත හතරක්. සුදු වෑන් සංස්කෘතිය, විශ්ව විද්‍යාල සංස්කෘතිය, ධනවාදී සංස්කෘතිය, ලිංගිකශ්රමික සංස්කෘතිය, දරිද්‍රතාවයේ සංස්කෘතිය, සිහින තරු සංස්කෘතිය, යුද්ධය.. මේ සියල්ල එක් පොතක් තුළ ගැබ්ව ඇති අන්දම මා සිතට ගෙන ආ විස්මයජනක පහන් ආනන්දයෙන් යුතුවම මම ඔබට හිස නමා ආචාර කරන්නෙමි.
මා මේ පොත කියවීමෙන් අනතුරුව උත්සාහ කළේ කෞෂල්‍ය කුමාරසිංහ විසින් මේ සිනමා චිත්‍රණයක් සහිත කතා වස්තුව තුළින් ආවරණය නොකර ඇත්තේ සමාජයේ කුමන ක්ෂේත්රයක් පිළිබදව ද යන්න සිතීමටයි. ඒ තරමටම ඔහු සමාජයේ අනේකවිධ දුක් වේදනා දරන්නන්ගේ ජීවිත වලට එබී බැලීම එක් කෘතියක් තුළින් පමණක් මේ ආකාරයට සිදු කර තිබීම සම්මානනීය. ප්රංශසනීයය. ඒ අතරම ඊට හාත්පසින්ම වෙනස් ජීවිත හතරක් තුළ ප්‍රධාන කතාව දිව යන ආකාරයෙන් යම් අවස්ථා වල අපට සන්සන්දනාත්මක චින්තනයකට ඉඩ ප්රස්ථා සලසා දී ඇති බවක් හැගී යයි.
නිදිබරිතව නවීන පන්නයේ ඇපල් මොබයිල් ෆෝනයක ස්පර්ශකයට ඇගිලි තුඩු තබමින් ලාලිත්‍යයට කෙටි පණිවිඩයක් ටයිප් කර තම සැමියාට යවන කේෂුත්, එම රාත්‍රියේම නිදිවර්ජිතව සිය කුඩා නොකියා කළුසුදු වර්ගයේ ෆෝනයේ එළියෙන් කමල් දුන් කවියක් කියවන පද්මිත් අතර වෙනස ඔහු අපගේ හදවතේ සියුම් නහරයන් වලට ගලා යාමට සලස්වා ඇත.
තවත් අවස්ථාවක කමල් වෙනුවෙන් සිදුකළ උද්ඝෝෂණය මර්දනය කිරීමට පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කල අවස්ථාවේ පොලිසියේ මාර්ග බාධක වැට අල්ලාගෙන කදුළු ගෑස් ප්‍රහාරයට මුහුණ දෙන කොණ්ඩ කරලක් සහිත යුවතියක් ගැන කුමාරසිංහ සදහන් කරයි. ඈ පද්මී වග අපි දනිමු. ඒ කදුළු ගෑස් ප්‍රහාරයම යන්තමින් වැදුණු උවනි සිහි නැතිව ඇද වැටේ. තිවංකගේ දෑතින් ඇයව නිවස වෙතටම ගෙන යනු ලබයි. එකම අවස්ථාවක වැඩි ධාරිතාවයක් දරා ගැනීමට පද්මිට ලැබුණු හැකියාවත්, එහිම අඩු ධාරිතාවක් දරා ගැනීමට නොහැකි වූ උවනිගේ තත්ත්වයත් මනස තුළ ගැටෙමින් කතාව ඉදිරියට ඇදී යයි. ඉදින් මෙවැනි අවස්ථා වල දැනෙන සන්සන්දනාත්මක ආවේගය මාගේ සියුම් නහරවැල් පවා ප්‍රකම්පනය කිරීමට හේතු වූ බව පැවසිය යුතුය.
කෘතිය පුරාවටම දිවෙන මෙවැනි සිද්ධීන් බොහොමයකි. ඒවා එකින් එක ගෙනහැර පාන්නේ නම් මා හට මේ ලිවීම නතර කිරීමට බොහෝ වේලාවක් ගත වනු ඇත. මා යනු මම ය. ඉදින් මෙය කියවා රස විදිය යුත්තේ දැන් ඔබය. ඔබමය. මා විදි රසය ඒ ආකාරයෙන්ම ඔබ හමුවේ තැබීම කවරදාකවත් සිදු කළ නොහැක්කකි. එයට ගන්නා ප්රයත්නය පවා මා කෞශල්‍ය කුමාරසිංහට කරන අගරු කිරීමක් වනු ඇත. ඒ තරමටම ඒ රහස් කවුළුවෙන් එබීම මා වින්දනය කළෙමි.
කෘතිය තුළ මා ඇද බැද තබා ගත් සංකේතයක් බදු භාෂාවක් වන්නේ සමනල්ලුන්ය. ඔවුන් රහස් කවුළුවෙන් එබෙන සෑම මොහොතකම මා වටා පියඹමින් සිටි බව මට දැනුනි. ඔවුන්ගේ සිනිදු පියාපත් මා කන අසලින් තටු ගසනු මට දැනුනි. කතාව තුළ දිවෙන සමනලුන්ගේ පැමිණීම, නික්ම යාම ඒ ඒ අවස්ථා හා සම්බන්ධ කර සිතීමේදී එයම විචාරාත්මකව සංවාදයක් ගෙන ඒමට සමත් සංකේතයක් වී ඇති බව මගේ මතයයි.
ඔහු මේ කෘතිය පුරාම යොදාගෙන තිබෙන භාෂාවේ සජීවී භාවය නැවුම්ම අත්දැකීමකි. ඉදින් මෙතරම්ම පාඨකයාට අසීමිත සාධාරණයක් ඉෂ්ට කළ කෘතියක් මා මෑතකදී කියවා නැති තරම්ය. දෑස් පිපාසාවෙන් මෙන් පොතේ පිටු අතර දිව යද්දි කාර්යබහුලත්වයක් තිබූ වගක් මා නොදැන සිටි තරම් විය. ඒ හෝරා කිහිපය මා සම්මානනීය කෘතියක් (මා විදි රස ගුලාවේ සම්මානය ඔහුට හිමි විය යුතුය. පොත රස විදීමෙන් අනතුරුව ඔබ ද එසේ කියනු ඇත) තුළම ජීවත් වී විදි රසය විදින්නට ඔබට ද ආරාධනා කරන්නෙමි.
ඔහු මේ කෘතිය පුරාම යොදාගෙන තිබෙන භාෂාවේ සජීවී භාවය නැවුම්ම අත්දැකීමකි. ඉදින් මෙතරම්ම පාඨකයාට අසීමිත සාධාරණයක් ඉෂ්ට කළ කෘතියක් මා මෑතකදී කියවා නැති තරම්ය. දෑස් පිපාසාවෙන් මෙන් පොතේ පිටු අතර දිව යද්දි කාර්යබහුලත්වයක් තිබූ වගක් මා නොදැන සිටි තරම් විය. ඒ හෝරා කිහිපය මා සම්මානනීය කෘතියක් (මා විදි රස ගුලාවේ සම්මානය ඔහුට හිමි විය යුතුය. පොත රස විදීමෙන් අනතුරුව ඔබ ද එසේ කියනු ඇත) තුළම ජීවත් වී විදි රසය විදින්නට ඔබට ද ආරාධනා කරන්නෙමි.
Sunday, November 30, 2014
අත නොපොවනා ඉමක රැදුනද_අහිමි පෙම කොයිතරම් සොදුරුද
කලා සොළොසම සපිරි පුරහද
මුව අගින් සිනාසෙනු දුටු සද
සද මගේ උරුමයට පට බැද
ඔප්පුවක් ලියනුයේ කෙලෙසද
නේක පැහැ දේදුන්න දුටු සද
නෙතු කොණින් රස විදිනු මිස හිද
නෙතු අයා අත පොවා පැහැනද
අහිමි වූ සද කදුළු කුමටද
අර ඈත හිනැහෙනා රිවිරද
මිහි කුසුම් මවනුයේ කොහොමද
අත නොපොවනා ඉමක රැදුනද
අහිමි පෙම කොයිතරම් සොදුරුද
Friday, November 28, 2014
දැන උගත් වූ පවට අද දින
පෙරලූ නැවුම් පස බිද
දෙපෙති වී මෝදුවුන පැල
වරා මල් දෙමට මල් පිස
ගත නිවූ සීත මද නල
දෙපෙති වී මෝදුවුන පැල
වරා මල් දෙමට මල් පිස
ගත නිවූ සීත මද නල
බණ්ඩි ගොයමේ සුවද විද විද
ගදපාන අකුල ඉව කල
නොකිළිටි වූ ගම්දොර අස
ගිලිහුණිද ළමා කල තොස
ගදපාන අකුල ඉව කල
නොකිළිටි වූ ගම්දොර අස
ගිලිහුණිද ළමා කල තොස
ඇළ දොළේ බොර පීලි මඩ ගද
දණ්ඩි කොරල ද ගප්පි සුරතල
ඉළුක් මල් රිදී පැහැ සළු තුල
සද කිරණ ලා අව්ව රජ කල
දණ්ඩි කොරල ද ගප්පි සුරතල
ඉළුක් මල් රිදී පැහැ සළු තුල
සද කිරණ ලා අව්ව රජ කල
සමනළුන් සමු නොගෙන ගිය කල
කදු පියස නිහඩ ඉකි ඉවසන
ඉතින් මට නික්මෙන්න අවසර
දැන උගත් වූ පවට අද දින
කදු පියස නිහඩ ඉකි ඉවසන
ඉතින් මට නික්මෙන්න අවසර
දැන උගත් වූ පවට අද දින
සුන්දර ගම් පියස *කෙහෙල්ඕවිටිගම* වෙනුවෙනි
රතු පැහැයට ඇත කෙම්බිම
නුඹට දෙන්න රුපියල සත
මා ගාවත් නෑනෙ පුතේ..
වැහැරුණු ඇදුමෙන් විනිවිද
මට මාවම පෙනෙයි පුතේ..
අනේ ස්වීට් කියා ලෝකෙ
කියන් නැත්තෙ අපට පුතේ..
පොෂ් බඩ පනුවෙක්වත් අපි ළග..
නැති නිසාලු මගේ පුතේ..
මා ගාවත් නෑනෙ පුතේ..
වැහැරුණු ඇදුමෙන් විනිවිද
මට මාවම පෙනෙයි පුතේ..
අනේ ස්වීට් කියා ලෝකෙ
කියන් නැත්තෙ අපට පුතේ..
පොෂ් බඩ පනුවෙක්වත් අපි ළග..
නැති නිසාලු මගේ පුතේ..
මල්වර නැකතටත් පෙරම
ලේ තැවරුනු ගවුම නුඹේ..
තුරුළු කරන් නුඹ ඇඩුවලු
සමාවෙයන් පුංචි නගේ..
නරුම ලෝකෙ අවජාතක
තිරිසනෙකුගෙ සාපෙ දිගේ..
දියවී ගිය කදුළු කොහිද
රතු පැහැයෙන් ඔබේ නෙතේ..
ලේ තැවරුනු ගවුම නුඹේ..
තුරුළු කරන් නුඹ ඇඩුවලු
සමාවෙයන් පුංචි නගේ..
නරුම ලෝකෙ අවජාතක
තිරිසනෙකුගෙ සාපෙ දිගේ..
දියවී ගිය කදුළු කොහිද
රතු පැහැයෙන් ඔබේ නෙතේ..
එල්ලෙන්නට සාරි තියා
අම්මෙක්වත් නෑ දනිමී..
එල්ලෙන විට ලිපි ලියන්න
පියෙකුත් නෑ එය දනිමී..
ෆැන්ටසියට මනුස්සකම
යටවී ඇත එය විදීමී..
රතු පැහැයට ඇත කෙම්බිම
මා හා එහි එනු මැනවී..
අම්මෙක්වත් නෑ දනිමී..
එල්ලෙන විට ලිපි ලියන්න
පියෙකුත් නෑ එය දනිමී..
ෆැන්ටසියට මනුස්සකම
යටවී ඇත එය විදීමී..
රතු පැහැයට ඇත කෙම්බිම
මා හා එහි එනු මැනවී..
Tuesday, November 25, 2014
අසරණකම......
ඔයා මට මේ තරම් ළගින් ඉද්දි මට සතුටුයි ගොඩාක්...
ඇත්තටම මම සතුටෙන්..දැන්
ඒ මගේ හැටි..
ඒ කිව්වෙ..????
මම කැමතියි අසරණ අයට උදව් කරන්න... මම හැමදාම කළේ ඒක..
දෑස් දල්වා දෑස් මත තවත් මොහොතක් බලා හිඳින්න යැයි අයදින්නට මට සිත් විය. ඔබ රුව බොඳ වී යනු පෙනේ. අසරණ වූයෙමි එම වදන් පෙළින්.. ඔබගේ අසරණ සරණම - මා අසරණ කළ බව ඔබට කවදාවත් නොහැගේවි. සිතුවිලි වචන බවට පෙරළනු නොහැකිව මම ගොළුව හිඳියෙමි. අඳුරු බිත්ති මත මම ඔබේ සෙවණැලි සිත්තම් කළෙමි. ඒ මගේ හිතේ තනියටය. හුදෙකලාව දරා ගන්නට තරම් අසීරු මගේ තනිකමටය. ඉදින් අවසන සමු ගත්තෙමි. ඔබගෙනුත්.. ඔබේ අනුකම්පාවෙනුත්.. බැඳීමක වටිනාකම වටහා ගත් දිනක ඔබ මට යළිත් අනුකම්පා නොකරනු ඇත.
තවත් එක් නිමේෂයක් මේ රාත්‍රිය දිගු වෙනවා නම්.. මේ අඳුරු වේදනාව තුළම තව තවත් කිමිදෙමින් ඉකිබිඳින්නට තිබුණි.
තව මොහොතක් හිරු පමා වුව මැනව..
තව මොහොතක් සඳ අහසෙහි රැඳෙනු මැනව..
නමුත් ළා හිරු නැගෙන හෝරාවත් එළඹ ඇත..
ඉදින් මා දැන් යා යුතුය....
Saturday, November 15, 2014
අරුණ එබෙන හෝරාවෙත් නෙතු යළි ඇහැරෙන_නුඹ නෙතුමයි මා දුටුවේ සෙනෙහස උතුරන
දම් පාටින් සද දියවෙන අහස් වියන යට
කොපුල් තෙමන පිනි වැස්සේ තෙමෙන සරා සද
ප්‍රාර්ථනා මල් වැස්සෙත් හිරිකඩ එනකොට
දෑස පියා විදිනෙමි සමනළ සිහිනෙක සුව
වෙහෙස දැනෙයි හුගක් දුරයි ආ මග තනියම
කදුලු හිගයි නෙතු අද්දර ඉකිබිද වියලුන
ආතුර වූ හිත සනසන රන්තරුවක් ළග
අනන්තයට පියඹමි සද කෙමි ඕවිල්ලක
සිත පෑරෙයි කියා බයයි නෙතු ඇහැරෙන විට
මම නිදියමි සිත පොපියන සිහිනෙට තුරුලුව
අරුණ එබෙන හෝරාවෙත් නෙතු යළි ඇහැරෙන
නුඹ නෙතුමයි මා දුටුවේ සෙනෙහස උතුරන
Friday, November 14, 2014
කණාමැදිරි එළිය
‘‘දැක්කද ඔයා ඒ එළිය’’
‘‘කෝ කොහෙද? මම දැක්කෙ නෑ’’
‘‘සැර ලයිට් එළියට කණාමැදිරි එළිය කොහොමත් පේන් නැතුව යනවා’’
‘‘හ්ම්ම්’’
Thursday, November 13, 2014
අහිමි තරු මල් නෙලා ගන්නට හිතට නෑ වත්කම්..
වැටෙන කඳුලක් සෙමින් පිසදා කියූ මුදු වදනින්..
හදෙහි පිපෙනා සෙනේ කුසුමන් දුන්නෙ මට කවිකම්...
එක් වරක් නොව දස දහස් වාරක් තෙමෙයි නෙත කඳුළින්..
අහිමි තරු මල් නෙලා ගන්නට හිතට නෑ වත්කම්..
රස්නෙයිනෙ මට නම් _දැන් හුගක්.....දිය වෙන්නෙපා මේ හිම තවත්
සිත පිරිමැද්ද නුඹ සෙනෙහසින්
ගිනි ගද්දි හද ගැබ හෙමින්
ගිනි නිවුනෙ නුඹෙ ඔය _ සුසුමකින්
හිම කැටිති සීතල හිතක්
උණුහුම්ම සුව ඇති _ පපුතුරක්
තද කරන් පපුවට _ තව තවත්
දිය කරයිදෝ නුඹ ඒ හිමත්
රස්නෙයිනෙ මට නම් _දැන් හුගක්
දිය වෙන්නෙපා මේ හිම තවත්
හිම දන්නවා නුඹ වේ හිරුත්
දිය වෙන්න බෑ අද මෙන් හෙටත්
එයත් හිතනවා ඇති එහෙම නැතුවත් ඇති
ඉඳු අහසට එන්න ඇති
සඳු සමුගෙන යන්න ඇති
තරු කොහේ හරි බලන් ඇති
එහෙම නැතුවත් ඇති
එයාටත් මට වගෙම
පද පේළි හිස් වෙච්ච
සුන්දරම කවක් ඇති
එහෙම නැතුවත් ඇති
හීන් හඬකින් ගැයෙන
තනුව අහිමි ගීතයක්
එයාටත් මතක ඇති
එහෙම නැතුවත් ඇති
අපි ආයෙ හමුවුනොත්
වෙන්වෙන්න බැරිවෙයිද
එයත් හිතනවා ඇති
එහෙම නැතුවත් ඇති
Friday, November 7, 2014
පේ‍්‍රමය වචනයට නැංවීම එතරම්ම තීරණාත්මක වන්නේ ඇයි?
පෙනී යන විදියට සත්‍යය වචනයට නැගිය යුතුව තියෙනවා., එසේම ඔබ පැවසුවා ‘‘ප්‍රකාශයට පත් කරන ලද්දා වූ’’ පේ‍්‍රමය ගැන. ඔබට අනුව පේ‍්‍රමය ප්‍රකාශයට පත් කරනු ලැබූ විට එය පේ‍්‍රමයේ තවත් අවධියක්. පේ‍්‍රමය වචනයට නැංවීම එතරම්ම තීරණාත්මක වන්නේ ඇයි?
මක් නිසාද යත්, සිදුවීමේ ව්‍යුහය තුළම ප්රකාශනය ගැබ්ව පවතිනවා. පළමුව, ඔබට තිබෙනවා අභිමුඛ වීමක්. මම පෙන්වා දුන්නා අභිමුඛ වීමේ පවත්තා පූර්ණ වශයෙන් අනිශ්චය සසම්භාවී ගත් ස්වභාවය සමග පේ‍්‍රමය පටන් ගන්නේ කෙසේ ද කියා. මේවා ඇත්තෙන්ම පේ‍්‍රමය හා අහම්බයේ ක්‍රීඩාවන්. ඒ වගේම ඒවා වැලැක්විය නො හැකියි. මා සඳහන් කළ ප්රචාරාත්මක රැවටිල්ල තිබෙන විට දී පවා ඒවා හැම විටම පවතිනවා.
නමුත් දෙන ලද මොහොතක අහම්බය සීමා කළ යුතුව තියෙනවා. එය කල් පවත්නා ක්‍රියාවලියක් බවට හැරවිය යුතුයි. මෙය ඉතා අසීරු, ආසන්න වශයෙන් පාරභෞතික ගැටලුවක්. පටන් ගැන්වේ දී හුදු අහම්බයක් වූවක් සත්‍යය ගොඩනැංවීමක් සඳහා උපස්ථම්භකය වන්නේ කෙසේද? මූලික වශයෙන් අනපේක්ෂිත වූ සහ සාංදෘශ්ඨිකයේ අනපේක්ෂිත විචලනයන් හා බැඳී ඇතැයි පෙනෙන යමක් ඔවුන්ගේ බැල්මෙහි වෙනසේ මැදිහත් වීම ඔස්සේ ලෝකය අනවරත ලෙස (යළි) ඉපදීමේ විස්තෘත අත්දැකීමෙහි නිරත වන්නා වූ හමු වූ, යුගළනය වූ ජීවිත දෙකක සමස්ත අර්ථය බවට පත් වන්නේ කෙසේද? එක ලෝකයක් තුළ අප දෙදෙනෙකු ලෙස පවතින බව නිරාවරණය වන විරුද්ධාභාසය දක්වා හුදු අභිමුඛ වීමකින් අප ගමන් කරන්නේ කෙසේද? එය සම්පූර්ණයෙන්ම අභිරහසක්. මෙය තමයි ඇත්තටම පේ‍්‍රමය පිළිබඳ සංශයවාදය පෝෂණය කරනු ලබන්නේ. කවුරුන් හෝ කෙනෙක් සිය රැකියාව කරන අතරතුර ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය සගයෙකු මුණගැසීම යන බොහෝ දුරට නිසරු කාරණයේ ඇති මහා සත්‍යය කුමක් දැයි මිනිස්සු අහවි, නියත ලෙස ම ඒක තමයි අප විසින් අවධාරණය කළ යුත්තේ. එනම් බැලු බැල්මට නොවැදගත් ක්‍රියාවක් වන නමුත් ක්ෂුද්‍ර තලයේ ජීවිතයේ රැඩිකල් සිදුවීමක් වන එය අනවරත පැවතීම තුළ විශ්වීය අර්ථයක් දරා සිටීමයි.
කෙසේ වුවත්, ‘‘අහඹුව පාලනය කළ යුතු ය’’ යන්න නිවැරදියි. ‘‘අන්තිමේදී අහම්බය පාලනය කරනු ලබනවා’’ යනුවෙන් මැලාර්මේ පවසන්නේ ද මෙයයි. ඔහු එහෙම කියන්නේ පේ‍්‍රමය ගැන නොවේ, කවිය ගැන. නමුත්, ඔහුගේ වචන ඒවායේ ඇති දරුණු අසීරුතාවයන් සහ විවිධාකාර වූ සන්තාපයන් ද සමගින් පේ‍්‍රමයට සහ පේ‍්‍රමයේ ප්රකාශනය සඳහා ඉතා වැඩදායී ලෙස යොදා ගත හැකියි. අනෙක් අතට, කවි සහ පේ‍්‍රමය ප්‍රකාශයට පත් කිරීම් අතර නෑකම් සුප්‍රකටයි.
භාෂාව යන්න මතම රඳා පවත්නා දැවැන්ත අවදානම් මේ දෙකෙදී අදාළ වනවා. එය ඇත්තෙන්ම, සාංදෘෂ්ටිය තුළ අනන්ත වූ බලපෑම් ඇති කළ හැකි වචනයක් පිට කිරීම පිළිබඳ වූවක්. කවියක් මෙහෙය වන ආශාව වන්නේ ද එයයි. මෙය ඉතාම සරල වචන සම්පූර්ණයෙන්ම පාහේ දරා ගත නොහැකි තීව්‍රතාවයකින් ආරෝපණය වීමක්. පේ‍්‍රමයක් ප්‍රකාශයට පත් කිරීම යනු සිදුවීම අභිමුඛ වීමේ සිට සත්‍යය ගොඩනැංවීමක් සඳහා වන ව්‍යායාමයක් දක්වා පියවර තැබීමක්. අභිමුඛ වීමේ අහඹු ස්වභාවය ආරම්භයක් පිලිබඳ උපකල්පනයක් දක්වා රූපාන්තරණය වනවා. මෙතැනදී ඇරඹෙන දෙය කොපමණ කල් පවතින්නේ ද යත් සහ නව්‍යත්වයෙන් හා ලෝකය පිළිබඳ අත්දැකීමේන් කොපමණ ආරෝපණය වී තිබෙන්නේ ද යත් ආපසු හැරී බලන විට මෙය බොහෝ දුරට අනිවාර්යතාවයක් ලෙස මිස මුලින් පෙනුණු ලෙස අහඹු හා අනිශ්චය ලෙස නොපෙනෙයි. මේ ආකාරයට තමයි අහඹුව පාලනය කරනු ලබන්නේ.
මා නොදන්නා කෙනෙකු සමග සිදුවන අභිමුඛ වීමේ පරම අනිශ්චයතාව අවසානයේ දෛවයේ ස්වරූපය අත්කර ගන්නවා. පේ‍්‍රමයේ ප්‍රකාශයට පත් කිරීම අහඹුවේ සිට දෛවය කරා යන සංක්‍රාන්තිය සලකුණු කරනවා.
එනිසයි එය බොහෝ අන්තරායකර හා කිසියම් ආකාරයක තැතිගන්වන සුලු සබකෝලයක් සහිත හිරිහැරයක් බවය පත් වන්නේ. තවද, පේ‍්‍රමයේ ප්‍රකාශයට පත් කිරීම අවශ්‍යයෙන් ම එක්වරක් පමණක් සිදුවන දෙයක් නොවේ. එය ප්‍රමාද කළ හැකි, පැතිර විය හැකි, ව්‍යාකූල වූ පැටළුණු, පවසනු ලැබිය හැකි සහ යළි යළිත් පවසනු ලැබීමට නියමිත වූවක විය හැකියි. සිදුවූයේ කුමක් ද යන්න එනම් අභිමුඛ වීම සහ අභිමුඛ වීම තුල අන්තර්ගත සිද්ධීන් පිළිබඳව, ම විසින් අනෙක් තැනැත්තාට කිව යුතුයි යනුවෙන් ඔබ ඔබටම කියා ගන්නා මොහොත තමයි අහඹුව පාලනය කරන නිමේෂය වන්නේ.
අඩුම ගණනේ මම දකින විදියට මට බැඳීමක් ඇති කරන යම් දෙයක් සිදු වූ බව මම අනෙකාට කියනවා. ඉතාම කෙටියෙන් කියනවා නම්, මම ඔබට ආදරෙයි. ‘‘මම ඔබට ආදරෙයි’’ යන්න හොඳින්ම විය හැකි පරිදි සරලව තවත් කෙනෙකු හා නිඳා ගැනීමට කරන උප්පරවැට්ටියක් නොවේ නම්.
එය උප්පරවැට්ටියක් නොවේ නම් කුමක්ද එය? එහිදී කියවෙනු ලබන්නේ කුමක්ද? ‘‘මම ඔබට ආදරෙයි’’ යනුවෙන් පැවසීම කිසිසේත් ම පහසු නැහැ. මේ පුංචි වැකිය සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ අරුත් සුන් හා හිස් එකක් ලෙසයි. තව ද ‘‘මම ඔබට ආදරෙයි’’ යනුවෙන් පැවසීමට එතරම් සුලබ නොවන වඩාත් කාව්‍යමය වචන යොදා ගන්න සමහර විට මිනිසුන් කැමතියි. නමුත් ඔවුන් හැම විටම මේ කියන්නේ හුදු අහඹුවකින් වූ දෙයකින් තමන් වෙනත් දෙයක් උකහා ගන්නා බවයි. එනම්, මම නොනැසී පවත්නා යමක්, අනවරත කරගෙන යන දෙයක්, කැපවීමක්, පක්ෂපාතීත්වයක් උකහා ගැනීමට යන බවයි. මෙහි දී මම ‘‘පක්ෂපාතීත්වය’’ යන වචනය යොදා ගැනු ලබන්නේ එහි සාමාන්‍ය අරුත් ගැන්වීම් වලින් නිදහස් කොට මගේම දාර්ශනික වාක්කෝෂයට අදාළව. එයින් හරියටම කියවෙන්නේ අහඹු අභිමුඛ වීමක සිට මර්දනය කළ නො හැකි ගොඩනැංවීමක් දක්වා වන සංක්‍රාන්තික අනිවාර්යයක් තිබුණාක් මෙන් වන බවයි.
මේ සන්දර්භය තුළ මම කැමතියි අන්ද්රේ ගොර්ස්ගේ ඉතා මනරම් කෘතියක් වන ‘‘ලෙටර් ටු ඞී’’ වෙතින් යමක් උපුටන්න. එය දාර්ශනිකයෙකු විසින් ඔහුගේ බිරිඳ වන ඩොරීන් වෙත සිදු කළ පේ‍්‍රමය පිළිබඳ ආඛ්‍යානයක්. එය ආරම්භ වන්නේ මෙහෙමයි.
‘‘ඉක්මනින් ඔබට අසූ දෙක පිරේවි. ඔබ සෙන්ටිමීටර් හයක් කොට වෙලා. ඔබේ බර කිලෝ හතළිස් පහක් පමණක් වුණත් ඔබ එදා වගේම ලස්සනයි, මන බන්ධනීයයි, ආශා දනවන සුලුයි. මේ වන විට අපි වසර පනස් අටකට වඩා එකට ජීවත් වෙලා තියෙනවා. මම කවරදාකටත් වඩා ඔබට ආදරෙයි.
මගේ පපු කුහරය ඇතුළෙන් මට නැවතත් දැනෙන විනාශකාරී හිස් බව පුරවාලිය හැක්කේ මගේ සිරුර මත තෙරපෙන ඔබේ සිරුරේ උණුහුමින් පමණයි.’’
පිටු අංක 48 - 52
පේ‍්‍රමය පසසනු වස්
ඇලෙන් බදියු සමග නිකොලොස් ට්‍රෝන්ග්
ප්‍රංශයේ ඇවින්ඥොන් කලා උලෙලේ දී නිකොලොස් ට්‍රෝන්ග් නගන පේ‍්‍රමය පිළිබඳ ප්රශ්නාවලියකට ඇලේන් බදියු ගොනු කරන පිළිතුරු සමුදායක් රැගත් මෙම කෘතිය සිංහලට පරිවර්තනය කරනු ලබන්නේ,
කෞශල්‍ය කුමාරසිංහ හා විදුර ප්‍රභාත් මුණසිංහ විසිනි.
මෙය සිංහල භාෂාවෙන් පරිශීලනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව සකස් කර දුන් ඔවුන්ට ස්තූතිය පුද කර සිටිමි.
Tuesday, November 4, 2014
වෙරෝනිකා සියදිවි නසා ගැනීමට තීරණය කරයි...
‘තමා මුළුමනින්ම සාමාන්‍ය පුද්ගලයෙකැයි ඈ විශ්වාස කළාය. මැරෙන්නට ගත් තීරණය පසු පස ඇත්තෙන්ම තිබුණේ අති සරල හේතු දෙකකි. පැහැදිලි කිරීමේ ලිපියක් ලියා තබා ගියහොත් බොහෝ මිනිසුන් තමා සම`ග එක`ග වනු ඇති බවට ද ඈට සහතිකය.
මුල් හේතුව,
ඇගේ ජීවිතයේ හැම දේ ම ඒකාකාරීය.
තාරුණ්‍යය ගත වූ සැණින් දිගට ම එන්නේ පල්ලම් බැසීමයි. මහලූ විය විසින් ඉතිරි කෙරෙන නො මැකිය හැකි සලකුණු, වැල නො කැඞී එන රෝගාබාධ, මිතුරන්ගේ වියෝව ආදිය සිතට මහා වධයකි. ඉන් පසු, අලූතෙන් අත්කර ගත හැකි කිසිවක් තව දුරටත් ජීවත් වීම මගින් නො සැපයේ.
ඇත්තේ, තව තවත් විඳවීමේ ශක්‍යතාව ම පමණි.
ඇත්තේ, තව තවත් විඳවීමේ ශක්‍යතාව ම පමණි.
දෙවන හේතුව වඩාත් දාර්ශනිකය.
වෙරෝනිකා පත්තර කියෙව්වාය. රූපවාහිනිය නැරඹුවාය. ලෝකයේ සිදුවෙමින් පවතින දෑ ඈ දැන සිටියාය.
හැම දෙයක්ම සිදු වන්නේ වැරදියටය. මේවා නිවැරැදි කිරීමේ මගක් ඈට නැත.
හැම දෙයක්ම සිදු වන්නේ වැරදියටය. මේවා නිවැරැදි කිරීමේ මගක් ඈට නැත.
ඒ කල්පනවා ඈ තුළ ඇති කෙළේ පූර්ණ බෙලහීන හැගීමකි.’
[Paulo Coeiho - VERONIKA DECIDES TO DIE]
නුඹ, අහස දෙස බලා සැනහෙන මිහි නොවෙද මා විදින විදවන
කිදුරියක සෙනෙහසක අභිමුව
පිරෙන විල් දිය කදුළු දිය බිදු
මතම පිබිදෙන අරුම කිව මැන
සිතක තැවරූ මල් සුවද ගෙන
පමා වී හෝ ආ වසන්තය
සුරැක හද මත රදව ගනු මැන
අසෙනියා මල් තුරක් වී ඔබ
තරු වුවත් ඔච්චම් කරයි මට
පුරසදක් නැග ඇවිත් බැස යන
නුඹල අහස දෙස බලා සැනහෙන
මිහි නොවෙද මා විදින විදවන
කුසුම් පෙති මත සුවද තවරා
සිසිල් පවනක් තබන හාදුව
මිසක මල නොදනීය හිමියනි
මලක් විසුරන සුවද කොපමණ
......කඳවුරේ තාත්තාට.......
ඇග මසත් ගල් කරන
කුරිරුතම සීතලට
ලේ කැටිති ඝන වෙලා
රිදුම් දෙන දෙපා යුග
හිතයි මට දුව ඇවිත්
සිප ගන්න තාත්තේ..
ලේ පිරුණු බිම් කඩක
කොහිද මට තනි කමක්
විසි වෙලා තැනින් තැන
''සිත්’’ මිනී ඔළු ලෙසට
කඳුළු බිඳු එකතු කොට
සැගවුවෙමි පපුතුරේ
තාත්තේ...
ඇසුණු විට කසුකුසුව
මුවින් මුව විටින් විට
මව් හුස්ම පැහැර ගත්
දියණියලූ පව්කාර..
කඳුළු කැට සිර කරන්
ඔබ තෙපලූ මුදු වදන්
දැනෙනවා නෙත් අ`ගට
තාත්තේ...
‘‘සුදු පාට බිත්තියේ
ගසා ඇති රූපයේ
බොඳ වෙච්ච පිටපතින්
මැවුණු මගෙ දෝණියේ..
වේදනාවක් නමුදු
ආත්මය අවදි කර
පණට යළි පණ දුන්න
ස්නේහයේ රැජිණියයි
ඇය මගේ...’’
සවිය දුන් ඇය නමට
පුදමි රතු මල් කිනිති..
කඳවුරේ ඔබෙ නමට
මල මිනී පිරි බිමක
ගල් කරන් සිත දැඩින
පිය න`ගමි නොනැවතී...
රැගෙන යළි ඔබ අතින්
අත් හැරුණු රතු ධජය
තාත්තේ....
ඇය සිටින ඉසව්වට
ගියොත් ඔබ ඒ අතර
කිව මැනව ඇය නමට
ඇති මහද ආදරය..
හාදුවක් එවමි මම
සෙනෙහසින් ඔබෙ නමට
හදවතේ ගුලි කරන්
පිස දමනු මැන හෙමින්
වෙඩි වැදුණු පපුතුරෙන්
ගලන ඔය ලේ දහර
තාත්තේ....
....දියණිය ‘‘සමලි’’.....
කෙසේ නම් අදහම් ද රාත්‍රිය රුදුරු වග....
සද දියර හෙමි හෙමින් මිහිලියගෙ මුව සිඹින
මුදු පවන රහසේම තුරුලියට ගතු කියන
පිනි බරින් සැලි සැලී කඩුපුලක ඇහැ ඇරෙන
මතක බිහිදොර ඇරී පන්හිදට පණ පෙවෙන
වලාකුළු වියන් යට හන්තාන නිදි වරන
රැළි ලමින් දගපාන ගග දියට තනි රකින
පඩුපතක මළ ගමට ලපළු සෝ ගී ගයන
සරතැසට වට වැස්ස වගේ සිසිලස ගෙනෙන
හිරු එබෙයි එළඹ ඇත සද මියෙන හෝරාව
ගොම්මනේ හෙට එන්න නැවුම් පදරුත් රැගෙන
ගොළුවතින් කවි කතා මසිත් මළුවේ විසුල
කෙසේ නම් අදහම් ද රාත්‍රිය රුදුරු වග
..රතු හැට්ටකාරි..
රතු හැට්ටෙ හැමදාම
වැටුණු සියුමැලි ගතට..
දේදුන්නෙ සිත්තමෙන්
සිහින මැවු සිත් පොඩිය..
‘‘රතුහැට්ටකාරියක‘‘
ලෙසට හංවඩු ගැසුව..
නැගණියේ නුඹ නොදත්
මරු වැලින් පිරි වනය..
වෘකයන්, යක්ෂයින්
ඉන්නවා දස අතම..
වැටි වැටී නැගිටිනා
දා පටන් තුරුළු කොට..
කියා දුන්නා නුඹට
මව් අපේ නොවන වග..
ගියෙත් මා නුඹ හන්දා
රතු කමිසෙ ඇගලාන..
වඩා යහපත් හෙටක
අස්වැන්න පූදන්න..
ගියෙ කිමද ඇය බසට
අවනතව මා නැතිව..
දොළ පිදේනිය අරන්
වෘකයෙකු ළගකටම..
රතු හැට්ටෙ කීතු කර
ගලා ගිය ලේ දහර..
උරා ගත්තලු නේද
රතු හැට්ටෙ කළු වෙන්න..
හදවතේ බුබුරනා
වෛරයෙන් පුච්චන්න..
හැකි නමුදු වස්තුවේ
වරද කාගෙද කොතැන..
පැළ කරමු ස්නේහයන්
රතු මල්ම පූදින්න..
පෙම් කරමු මගෙ නැගණි
තව උන්ට අපි වැනිම..
අල්ලපන් මගේ අත
තද කරන් සිත දැඩින..
ආ මෙන්න ‘‘රතු කමිසෙ‘‘
මගේ පණ මෙන් රැක්ක..
(රතු හැට්ටකාරිගෙ අයියා විසිනි)
ඉදින් අවසරයි යන්න ජීවිතය සොයන් සටනට..
සොඳුර....
ඇයට මෙන් ඔබට රිදී සළු නැති වුනාට..
දැළි දුවිලි සළුවක් ගත දැවටුනාට
නුඹත් යසෝධරාවකි මට...
සමාවෙයන්
අභිනිෂ්ක්රමනයටයි මේ මොහොත
යසෝධරාවක් වගේ වුන්නත් ඔබ
පපුව හරි එඩිතරයි අම්බපාලිගෙ වගේ
කියන එක දන්නව මම...
නුඹත් එයි අපි ගිය පාරෙම
අද නැතත් හෙට උදයෙම
සිහිනෙන් හිනැහෙන
පුංචි දු සමලි ට..
කියාදියන්
තාත්තා ගිය වග
රැක ගන්න පුංචි දුවගෙ කිරි සිනාවම..
තව මොහොතක්වත්
පමා විය නොහැක මට
යා යුතුයි මේ ගමන
තනන්නට නව ලොවක්
ඔබ අප වෙනුවෙන්ම..
දැනන් සිටියානෙ ඔබ
පෙම් කළේ මම නුඹට
ලෝකයට වඩා ඩිංගක් අඩුවෙන් බව..
සිද්ධාර්ථත් ගියා දවසක
අලූත් ලෝකයක් හොයන්න
පුංචි දුට කියා දෙන්න
තාත්තා සිද්ධාර්ථ කෙනෙක් නොවුනු වග..
ඉදින් අවසරයි යන්න
ජීවිතය සොයන් සටනට..
********අපේ ආදරය කථා කරන්න අරන්******
දැනෙනවා නේද
ජීවිතය සොය සොයා
හති වැටුන වෙරේනියටත්
කෙම් බිමක් හමුවෙලා
අපේ ආදරය කථා කරන්න අරන්
කල්පයක් තිස්සෙ වචනයෙන්
කියෙවුවත් නොතේරුණු
ජීවිතේ පුංචි පුංචි තැන්
හුගාරියක් පැහැදිලියි
කථා කරනවා ඒවා
එක වචනයක්වත් නැතිව
අංග චලන කිසිවක් නැතිව
ආලෝක වර්ෂ ගණනක් දුර සිට
අපේ ආදරය කථා කරන්න අරන්...
_නිදි කුමරි_
හාදුවක් නැති සොවින
දිගුම දිග නින්දකිනි
අගුටුමිට්ටනි කොහිද
තනි වෙලා නිදි කුමරි
පැල්පතක් වත් නැතිව
රුදුරු මහ වනය මැද
තදම තද නින්දකිනි
කෝ කොහිද ඒ කුමරු
රජ කුමරු පැමිණි මුත්
හාද්දක් දුන් නමුත්
අවදි වෙන්නේ නැතුව
ඉන්නෙ ඇයි නිදි කුමරි
අවදි විය යුතුව ඇත
හාද්දක් පතයි ඇය
ගොපළු කොළුගෙන්ය එය
රජ හාදු කුමකටද,
නිදි ගත්ත මේ ලොවම
අවදි කළ යුතු වුවද
අවැසි වේ පෙම පිරුණ
දා බිංදු හාදුවම..
Subscribe to:
Posts (Atom)






.jpg)









.jpg)

