ජීවිතය සොයයි වෙරේනියා....
Thursday, January 29, 2015
පැවැත්ම උදෙසා
සම්බන්ධ කර ගත නොහී කටහඩක් සොයමින්..
වදදෙන හදවතෙන් වෙන් කරමි අසම්බන්දිත කටහඩ..
උපන්ගෙයිහිදී පෙකනිවැලෙන් බිලිදා මෙන්..
පැවැත්ම උදෙසා මවු දරු සෙනෙහස චිරාත් කාලයක්..
මගේ සද කෝ කොහිද..
සුළං හා වෙර බැදුණු...
රුවල් බිදි ඔරුව මම..
පාලු සිදුගේ ඉකිය..
විතරක්ම හද රැදුන..
ගැස්සිලා බලමි යළි..
හෙට දිනත් අහස දෙස..
ඉදු මගෙන් වෙන් කෙරූ
මගේ සද කෝ කොහිද..
හිරු එබෙන තෙක් මෙහිම රැදෙන්නෙමි...
තෙත දිය බිදිති රැදි
උණුසුම් උරහිසක් උඩ
හිස තබා ඇස අයා
අපරිමිත අහස දෙස බලන්නෙමි..
අසංක්ය තරු කිණිති
වලාකුළු හා එතී
පෙණ කැටිති සිප ගද්දි
උණුහුමේ තව තවත් එතෙන්නෙමි..
සඳ දියෙන් නැහැවෙමින්
ජීවිතයෙ දුර ඈත
සිහිනයක කිමිදිලා
හිරු එබෙන තෙක් මෙහිම රැදෙන්නෙමි...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)