හංසියක නොවේ මම
දියෙන් කිර වෙන් කරන......
මනුසත් දුවක් වෙමි
දුක සතුට මත රැදුන.....
සුදු පියාපත් නොමැත
නිල් අහස කළඹන්න....
ඒ නමුදු නෙත් ලදිමි...
ඒ අහස දැක ගන්න....
අහසටම පෙම් බදින..
නෙත් ඇතත් මා සතුව..
ඒ නෙතේ කදුළු දැක..
හිනැහෙන්නෙ මුළු ලොවම..
කදුළු ඉනුවත් විටෙක ...
සිනහා නැගුවේ නිබද..
කදුළු බර වැඩි නිසයි..
හිනහෙනා මේ ලොවට..
දියෙන් කිර වෙන් කරන......
මනුසත් දුවක් වෙමි
දුක සතුට මත රැදුන.....
සුදු පියාපත් නොමැත
නිල් අහස කළඹන්න....
ඒ නමුදු නෙත් ලදිමි...
ඒ අහස දැක ගන්න....
අහසටම පෙම් බදින..
නෙත් ඇතත් මා සතුව..
ඒ නෙතේ කදුළු දැක..
හිනැහෙන්නෙ මුළු ලොවම..
කදුළු ඉනුවත් විටෙක ...
සිනහා නැගුවේ නිබද..
කදුළු බර වැඩි නිසයි..
හිනහෙනා මේ ලොවට..
-වෙරේනියා ස්පාටකස්-

No comments:
Post a Comment